Victorians පරදා පළමු වරට BPL ශූරතාවය Fortune Barishal කණ්ඩායමට

Date:

2024 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Fortune Barishal කණ්ඩායම අද(1) සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී Comilla Victorians කණ්ඩායම පරදා කඩුලු හයක ජයක් වාර්තා කරමින්.

මෙය Barishal කණ්ඩායම BPL ශූරතාවය දිනූ පළමු අවස්ථාව වන අතර, ඔවුන් හමුවේ පරාජයට පත් වූ Victorians කණ්ඩායම අවසන් වරට පැවැති BPL තරගාවලි ද්විත්වයේම ශූරතාවය දිනා ගැනීමට සමත්ව තිබුණා.

මීර්පූර්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් Victorians කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 154 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Barishal කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දුවාරයක් ඉතිරිව තිබියදී කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කරමින් ශූරතාවය හිමි කර ගත්තා.

ක්යල් මේයර්ස් ලකුණු 46 ක් ලබා ගත් අතර, නායක තමිම් ඉක්බාල් ලකුණු 39 ක් රැස් කළා. පන්දු යැවීමේ දී මුස්ටර්ෆිසුර් රහ්මාන් හා මොයීන් අලී කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් Comilla Victorians කණ්ඩායම වෙනුවෙන් මහිදුල් ඉස්ලාම් ලකුණු 38 ක් ලබා ගත්තා. අන්ඩ්‍රි රසල් නොදැවී ලකුණු 27 යි. පන්දු යැවීමේ දී ජේම්ස් ෆුලර් ලකුණු 43 කට කඩුලු දෙකක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...