චමරි අතපත්තු WPL වරම් හිමි කර ගත් තරගයෙන් වොරියර්ස් පිලට කඩුලු හයක ජයක්

Date:

2024 කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයෙන් ගුජරාට් ජයන්ට්ස් කාන්තා කණ්ඩායම පරදා කඩුලු හයක ජයක් වාර්තා කිරීමට යූපී වොරියර්ස් කාන්තා කණ්ඩායම අද(1) සමත් වුණා.

බැංගලූරුහී දී පැවැති මෙම තරගයේ දී වොරියර්ස් පිල වෙනුවෙන් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු කාන්තා ප්‍රිමියර් ලීග් වරම් දිනා ගැනීම ද විශේෂත්වයක්.

තරගයේ කාසියේ වාසිය දිනූ වොරියර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 142 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වොරියර්ස් කණ්ඩායම පන්දුවාර 15.4 ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Grace Harris නොදැවී ලකුණු 60 ක් ලබා ගත්තේ පන්දු 33 කින්. නායිකා Alyssa Healy ලකුණු 33 යි. පන්දු යැවීමේ දී Tanuja Kanwar කඩුලු 2ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් ජයන්ට්ස් ඉනිම වෙනුවෙන් Phoebe Litchfield ලකුණු 35 ක් හා Ashleigh Gardner ලකුණු 30 ක් රැස් කළා. පන්දු යැවීමේ දී Sophie Ecclestone කඩුලු තුනක් බිද හෙලුවේ ලකුණු 30 ක් ලබා දෙමින්.

චමරි අතපත්තු මෙම තරගයේ දී වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළ අතර, ඇය පන්දුවාර 4ක් යොමු කරමින් ලකුණු 19 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දුන් නමුත්, කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැහැ.

පිතිකරණයේ දී අංක 3 පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි චමරි පන්දු 11 කින් ලකුණු 17 ක් ලබා ගත්තා. ඒ, හතරේ පහර 4ක් ද සමගින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...