කුසල් පෙරේරා විස්සයි 20 තරගාවලියෙන් ඉවතට – ක්‍රිකට් ආයතනයෙන් නිල නිවේදනයක්

Date:

බංග්ලාදේශ තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය සදහා වෙනස්කමක් සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ සංචිතය සදහා නම් කර සිටි කුසල් ජනිත් පෙරේරා අසනීප තත්ත්වයකින් (respiratory infection) පසුුවන බැවින් ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති බවයි.

ඔහු ඊයේ (29) දිනයේ දී බංග්ලාදේශය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා සංචිතය සමග ද එක්ව සිටියේ නැහැ.

ඒ අනුව කුසල් පෙරේරා වෙනුවට නිරෝෂන් දික්වැල්ල සංචිතයට ආදේශ කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔහු හෙට(2) දිනයේ දී බංග්ලාදේශයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.

විස්සයි 20 තරගාවලියේ සියලු තරග සිල්හෙට් හී දී පැවැත්වීමට නියමිත අතර, මාර්තු 4, 6 හා 9 යන දිනවලදී එම තරග පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Updated SL T20I Squad :

Wanindu Hasaranga (C), Charith Asalanka (VC), Kusal Mendis, Sadeera Samarawickrama, Angelo Mathews, Dasun Shanaka, Maheesh Theekshana, Dhananjaya de Silva, Niroshan Dickwella, Dilshan Madushanka, Nuwan Thushara, Matheesha Pathirana, Akila Dananjaya, Binura Fernando, Kamindu Mendis, Avishka Fernando, Jeffrey Vandersay

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...