අයර්ලන්තය ටෙස්ට් ඉතිහාසයේ සිය පළමු ජය වාර්තා කරයි

Date:

ඇෆ්ඝනිස්තානය සමග අබුඩාබි හී දී පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු හයක ජයක් වාර්තා කරමින් ටෙස්ට් ඉතිහාසයේ දී තමන් ලැබූ පළමු ජය වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම අද(1) සමත් වුණා.

තරගයේ තෙවැනි දිනය වූ අද දිනයේ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 111 ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්තය සිය දෙවැනි ඉනිමේ දී කඩුලු 4ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක ඇන්ඩි බල්බර්නි නොදැවී ලකුණු 58 ක් හා ලෝකන් ටකර් නොදැවී ලකුණු 27 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. ඒ, ඉනිමේ සිව්වැනි කඩුල්ල ලකුණු 39 දී බිද වැටුණු පසුබිමකයි.

පීටර් මුවර් හා කර්ටිස් කැම්පර් ලකුණු නොලබාත්, හැරී ටෙක්ටර් ලකුණු දෙකකටත්, පෝල් ස්ටර්ලින්ග් ලකුණු 14 කටත් දැවී ගියා. පන්දු යැවීමේ දී නවීඩ් සඩ්‍රාන් කඩුලු 2ක් දවා ගත් අතර, නිජට් මසූද් හා සියා-උර්-රහ්මාන් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය සියලු දෙනා දැවී ලකුණු 155 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තය ලකුණු 263 ක් රැස් කළා.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඇෆ්ඝනිස්තානය කඩුලු 3 ක් දැවී ලකුණු 134 ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 218 ක් පමණයි.

හෂ්මතුල්ලාහ් ශහීඩි ලකුණු 55 ක් ලබා ගත්තා. රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 46 ක් රැස් කළා. පන්දු යැවීමේ දී මාර්ක් අඩයර්, බැරී මැකාර්ති හා ක්‍රෙයිග් යන්ග් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...