පාන්ට්ගේ අසාර්ථක හෙලිකොප්ටර් පහර

Date:

මෙවර අයි.පී.එල්. තරගාවලියේ 16 වන තරගය දිල්ලී කැපිටල්ස් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර ඊයේ (03) සාජා ක්‍රීඩා පිටියේදී නිමා වුණේ දිල්ලි කණ්ඩායමට ජය හිමි කර දෙමින්.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දිල්ලි පිල ලකුණු 229 ක දැවැන්ත ඉලක්කයක් කොල්කටා කණ්ඩායමට ලබා දුන්නා.

එම ඉලක්කය හඹා ගිය කොල්කටා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුල කඩුලු 8 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 210 ක් පමණයි.

ඒ අනුව එම තරගයෙන් දිල්ලි පිලට ලකුණු 18 ක ජයක් හිමිවුණා.

එම තරගයේ දී දිල්ලි කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු රිෂාබ් පාන්ට්ගේ දැවීයාම වැඩි දෙනෙකුගේ කතාබහකට ලක්වුණා.

ඇන්ඩ්‍රි රසල් යොමු කළ පන්දුවකට අලංකාර හෙලිකොප්ටර් පහරක් එල්ල කිරීමට ඔහු සමත් වුණත්, පන්දුව හයේ සීමාව පසු කර යාමට තරම් එම පහර ප්‍රබල වූයේ නැහැ.

පන්දු රකිමින් සිටි ශිවම් මාවී විසින් එය පහසුවෙන් රැක ගැනීම හේතුවෙන් පාන්ට්ට ලකුණු 38 ක් ලබා සිටියදී යළි ක්‍රීඩාගාරය වෙත යාමටයි සිදු වුණේ.

දර්ශණ මෙතනින් නරඹන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...