Watch : ඇලෙක්ස් හේල්ස් හා ශඩාබ් ඛාන් දරුණු අනතුරකට මුහුණ දුන් හැටි

Date:

2024 පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති 15 වැනි තරගයේ දී ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ ශඩාබ් ඛාන් හා ඇලෙක්ස් හේල්ස් ඊයේ (28) රාත්‍රියේ දී දරුණු අනතුරකට මුහුණ දුන්නා.

කරච්චිහීදී පැවැති තරගයේ දී යුනයිටඩ් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ කරච්චි කිංග්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කරච්චි කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 165 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 නිමා කළ අතර, ඉනිමේ අවසන් පන්දුවේ දී යි ඇලෙක්ස් හේල්ස් හා යුනයිටඩ් නායක ශඩාබ් ඛාන් එකිනෙකා ගැටීම නිසා අනතුරක් සිදු වුණේ. (දර්ශන පහතින්)

කයිරන් පොලාඩ් ඉහළින් එල්ල කළ පහරකින් පසුව උඩ පන්දුව රැක ගැනීමට යාමේ දී long-on හා long-off කලාපවල පන්දු රකිමින් සිටි ඔවුන් දෙදෙනා මෙලෙස එකිනෙකා ගැටීම සිදු වුණා.

කෙසේ වෙතත්, ඔවුන්ට අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසුව යළි යථා තත්ත්වයට පත් වූ අතර, ඉස්ලාමාබාද් ඉනිමේ දී පන්දුවට පහර දීමට ද ඔවුන් දෙදෙනා කටයුතු කළා.

පොලාඩ් මෙම තරගයේ දී පන්දු 28 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 48 ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ යුනයිටඩ් කණ්ඩායම පන්දුවාර 18.3 ක් අවසානයේ කඩුලු 3ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ඒ අනුව ඔවුන් මෙම තරගයෙන් කඩුලු හතක ජයක් වාර්තා කළා.

කොලින් මන්රෝ ලකුණු 82(පන්දු 47) ක් හා ඇලෙක්ස් හේලස් ලකුණු 47(35) රැස් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...