ක්‍රීඩා ඇමති හා ක්‍රිකට් ක්‍රීඩකයින් අතර සාකච්ඡාවක් කොළඹ දී

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

කොළඹ සංචාරක අමාත්‍යාංශයේ දී පැවැති මෙම හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටළු සහ අභියෝග පිළිබඳව සාකච්ඡා කෙරුණු බවයි අමාත්‍යවරයා සමාජ මාධ්‍ය වෙත සටහනක් එක් කරමින් සදහන් කළේ.

මෙම හමුවට ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය, තේරීම් කමිටු සභාපති උපුල් තරංග මෙන්ම ටෙස්ට්, එක්දින සහ T20 තරග රටා තුනේම නායකයින් සහභාගී වී තිබෙනවා.

“නවීන තරඟ රටාවන්ට ගැලපෙන පරිදි අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයින්ව හැඩගැන්වීම, නව මාදිලියේ පුහුණු ක්‍රමවේද සහ මානසික ඒකාග්‍රතාවයන් පිළිබඳව සාකච්ඡා කිරීම, තවදුරටත් පවත්නා දක්ෂතා ප්‍රවර්ධනය කර ගනිමින් ඉදිරි තරඟ ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීම, වැනි සුවිශේෂී කරුණු රැසක් එහිදී සාකච්ඡාවට ලක් විය.” යනුවෙන් අමාත්‍යවරයා තැබූ සමාජ මාධ්‍ය සටහනෙහි සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...