උසාමාගේ කඩුලු 6 හා උස්මාන්ගේ ලකුණු 96 හමුවේ ලාහෝර් පිල අඛණ්ඩව 6 වැනි තරගයත් පරදියි

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගයෙන් ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම පරදා ලකුණු 60 ක ජයක් වාර්තා කිරීමට මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව සුල්තාන්ස් කණ්ඩායම මේ වන විට මෙවර තරග වාරයේ දී ක්‍රීඩා කළ තරග හයෙන් තරග පහක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර, කලැන්ඩර්ස් කණ්ඩායම මෙතෙක් ක්‍රීඩා කළ තරග හයම පරාජයට පත්ව කිබීම විශේෂත්වයක්.

ලාහෝර්හි පැවැති 14 වැනි තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායමට පන්දුවාර 17 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 154 ක් පමණයි.

පන්දු යැවීමේ දී උසාමා මීර් ලකුණු 40 කට කඩුලු හයක් දවා ගත්තා. පාකිස්තාන සුපර් ලීග් තරගයකදී දග පන්දු යවන්නෙකු කඩුලු හයක් දවා ගත් පළමු අවස්ථාව එයයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුල්තාන් කණ්ඩායම වෙනුවෙන් උස්මාන් ඛාන් ලකුණු 96 ක් ලබා ගත්තේ පන්දු 55 කින්. හයේ පහර 2ක් හා හතරේ පහර 11 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...