ශ්‍රී ලංකා තරගාවලිය අභියස බංග්ලාදේශ පිතිකරණ පුහුණුකරු ධූරය බර්මියුඩා ජාතිකයෙකුට භාර ‍කෙරේ

Date:

බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණු කාර්යය මණ්ඩලය සදහා නව පත් කිරීම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ අනුව කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස බර්මියුඩා හිටපු ක්‍රීඩකයෙකු වන ඩේවිඩ් හෙම්ප් පත් කර ඇති අතර, පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ නවසීලන්ත හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ඩ්‍රි ඇඩම්ස්.

ඔවුන් දෙදෙනාම වසර දෙකක කාලයක් සදහා එම තනතුරුවලට පත් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන බංග්ලාදේශ තරග සංචාරයේ සිට ඔවුන් දෙදෙනා සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

ඩේවිඩ් හෙම්ප් බංග්ලාදේශ ඉහළ කාර්යය සාධන ප්‍රධාන පුහුණුකරු (High Performance Head Coach) ලෙස 2023 වසරේ මැයි මාසයේ සිට කටයුතු කළ අතර, පසුගිය වසරේ දී නවසීලන්තයේ සිදු කෙරුණු තරග සංචාරයේ දී ද ඔහු බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළා.

හෙම්ප් පළමු පෙල තරගවලදී Glamorgan, Free State, හා Warwickshire කණ්ඩායම් නියෝජනය කරමින් ලකුණු 15,500 කට වඩා රැස් කර තිබෙනවා. ඔහු බර්මියුඩා කණ්ඩායම වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 24 ක් ද ක්‍රීඩා කළා.

පාකිස්තාන කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස 2020-2022 කාලයේ දී ඩේවිඩ් හෙම්ප් කටයුතු කළ අතර, වික්ටෝරියා ප්‍රාන්ත කාන්තා කණ්ඩායමේ හා මෙල්බර්න් ස්ටාර්ස් කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද ඔහු කටයුතු කර තිබෙනවා.

මේ අතර, පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කෙරුණු ඇන්ඩ්‍රි ඇඩම්ස් නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 47 ක් ක්‍රීඩා කර තිබෙනවා.

නවසීලන්ත ජාතික කාන්තා කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසත්, නවසීලන්ත පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසත් ඔහු මීට පෙර කටයුතු කළා.

එමෙන්ම ඔහු ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...