නායකත්වයෙන් ඉල්ලා අස් වුණේ දේශපාලන බලපෑම් නිසා – පිතිකරුවෙකුගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

Date:

තමාට ආන්ද්‍රා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට සිදු වූයේ දේශපාලන මැදිහත් වීමක ප්‍රතිපලයක් ලෙසින් බව ඉන්දීය පිතිකරු හනුමා විහාරි පවසනවා.

ආන්ද්‍රා ක්‍රිකට් සංගමය තමාට නින්දා සහගත ලෙස සැලකූ බවත්, තමා යළි ආන්ද්‍රා කණ්ඩායම වෙනුවෙන් කිසි දිනක ක්‍රීඩා නොකිරීමට තීරණය කර ඇති බවත් ඔහු සදහන් කළා.

මධ්‍ය ප්‍රදේශ් කණ්ඩායම සමග පැවැති මෙවර රංජි කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයෙන් පරාජයට පත් වීමෙන් පසුව සමාජ මාධ්‍ය වෙත සටහනක් එක් කරමින් ඔහු මේ බව කියා සිටියා.

රංජි කුසලාන තරගාවලිය යටතේ ජනවාරි මාසයේ පැවැති බෙංගාල කණ්ඩායමට එරෙහි තරගයේ දී වූ සිදුවීමක් තමාට නායකත්වයෙන් ඉවත් වීමට බලපෑ බවයි හනුමා විහාරි පෙන්වා දෙන්නේ.

“බෙංගාලය සමග පැවැති පළමු තරගයේ දී මමයි නායකයා වුණේ. එම තරගයේ දී මම 17 වැනි ක්‍රීඩකයාට කෑගසුවා. ඔහු එයාගේ පියාට (දේශපාලනඥයෙක්) ඒ ගැන කියලා.” යනුවෙන් විහාරි සදහන් කළා.

“එයාගේ පියා ඊට ප්‍රතිචාර දක්වමින් සංගමයට දන්වලා තියෙනවා මට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න කියලා.” 

ඒ අනුව තමාගේ කිසිදු වරදක් නොමැතිව තමාට නායකත්වයෙන් ඉල්ලා අස් වන ලෙසට දැනුම් දුන් බවයි විහාරි පෙන්වා දෙන්නේ.

හනුමා විහාරි ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 16ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී ඔහු ලකුණු 839 ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ, එක් ශතකයක් හා අර්ධ ශතක 5ක් සමගින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...