ශ්‍රී ලංකාවට එරෙහි තරගයේ දී විනය කැඩූ ගුර්බාස්ට අයි.සී.සීයෙන් දඩුවම්

Date:

ඇෆ්ඝනිස්තාන පිතිකරු රහ්මනුල්ලාහ් ගුර්බාස්ට එරෙහිව දඩුවම් නියම කිරීමක් සිදු කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව සමග පැවැති තෙවැනි විස්සයි 20 තරගයේ දී ඔහු අයි.සී.සී විනය නීති සංග්‍රහයේ පළමු මට්ටමේ වරදක් සිදු කිරීම හේතුවෙන්.

ඔහු විසින් ක්‍රීඩක විනය නීති සංග්‍රහයේ 2.4 වගන්තිය (“Disobeying an Umpire’s instruction during an International Match.”) උල්ලංඝනය කර ඇති බව අයි.සී.සීය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්.

එනම්, ඔහු විසින් “ජාත්‍යන්තර තරඟයකදී විනිසුරුගේ උපදෙස්වලට අකීකරු වීම.” යන වගන්තිය උල්ලංඝනය කර ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.

ඒ අනුව ඔහුට එරෙහිව තරග ගාස්තුවෙන් 15% ක දඩ මුදලක් පනවා ඇති අතර, රහ්මනුල්ලාහ් ගුර්බාස්ගේ විනය වාර්තාවට එක් දඩුවම් ලකුණක් ද ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව මාස 24 ක කාලයක් තුළ ඔහුගේ විනය වාර්තාවට මේ වන විට ඇතුළත්ව ඇති දඩුවම් ලකුණු ප්‍රමාණය දෙකක්.

ගුර්බාස් විසින් ඔහුගේ පිත්තේ ඉහළ පිහිටා ඇති රබර් පටිය (grip) විනිසුරුවරුන්ගේ විරෝධය නොතකා වෙනස් කර ඇති බව අයි.සී.සීය සදහන් කළා.

සිය වරද හා ලබා දුන් දඩුවම රහ්මනුල්ලාහ් ගුර්බාස් විසින් පිළිගෙන ඇති අතර, ඒ අනුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...