WPL 2024 : අවසන් පන්දුවට එල්ල කළ හයේ පහරින් මුම්බායි පිලට තියුණු ජයක් (දර්ශන සහිතයි)

Date:

2024 කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (WPL) පළමු තරගයෙන් දිල්ලි කැපිටල්ස් කාන්තා කණ්ඩායම පරදා කඩුලු හතරක තියුණු ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කාන්තා කණ්ඩායම සමත් වුණා.

බැංගලූරුහී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 171 ක් රැස් කළා.

Alice Capsey ලකුණු 75 ක් ලබා ගත්තේ පන්දු 53 කට මුහුණ දෙමින්. Jemimah Rodrigues ලකුණු 42(24) යි.

පන්දු යැවීමේ දී Nat Sciver-Brunt හා Amelia Kerr කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේ දී ජයග්‍රහනය වාර්තා කළේ කඩුලු හයක් දැවී සිටියදීයි.

Yastika Bhatia ලකුණු 57(45) ක් රැස් කළ අතර, නායිකා Harmanpreet Kaur ලකුණු 55(34)යි.

ඉනිමේ අවසන් පන්දුවට තරගය ජය ගැනීම සදහා මුම්බායි පිලට ලකුණු 5ක් අවශ්‍ය වූ අතර, එම පන්දුවට මුහුණ දුන්නේ Sajeevan Sajana. ඇය මෙම තරගයේ මුහුණ දුන් පළමු පන්දුව එය වූ අතර, ඊට හයේ පහරක් එල්ල කරමින් තරගයේ ජය සිය කණ්ඩායමට හිමි කර දීමට Sajana සමත් වුණා. (දර්ශන පහතින්)

පන්දු යැවීමේ දී Arundhati Reddy හා Alice Capsey කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...