IPL තරගාවලියෙන් පසු ඉන්දීය පිල ශ්‍රී ලංකාවට

Date:

කාන්තා ඉන්දීය ප්‍රිමියර් ලීග් (Challengers series) තරගාවලියෙන් අනතුරුව ඉන්දීය කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ නොවැම්බර් 4-9 අතර කාලයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී කාන්තා අයි.පී.එල් තරගාවලිය පැවැත්වීමට නියමිත බවයි.

කෙසේ වෙතත්, මෙරට දී මුහුණ දීමට සිදු වන දින 14ක නිරෝධායන කාලය මෙම තරග සංචාරයේ දී ද ගැටලුවක් වීමට ඉඩ තිබෙනවා.

අදාළ තරග සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් පැවැත්වීමට අවධානය යොමුව ඇති බවයි එරට ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු PTI පුවත් සේවය වෙත සදහන් කර ඇත්තේ.

“ඇත්තෙන්ම නිරෝධායන කාලය ගැටලුවක්. අපි දැක්කා බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයත් කල් ගියා. නමුත් අපි ගොඩක් බලාපොරොත්තු සහගතව ඉන්නවා අපේ කාන්තා කණ්ඩායම ලංකාවේ ක්‍රීඩා කරාවි කියලා”

යනුවෙන් එම උසස් නිළධාරියා සදහන් කර තිබෙනවා.

අයි.පී.එල් තරගාවලියෙන් පසුව ඉන්දීය පිරිමි කණ්ඩායම ඩුබායි සිට ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යන අයුරින් ඉන්දීය කාන්තා කණ්ඩායම මෙරටට පැමිණෙනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර, කාන්තා ඉන්දීය ප්‍රිමියර් ලීග් (Challengers series) තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් ශෂිකලා සිරිවර්ධන සහ චමරි අතපත්තු ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බව ද සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...