Watch : PSL තරගයක් මැද මතු වූ රිස්වාන්ගේ හා උසාමාගේ පාපන්දු හැකියාවන්

Date:

මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ 5 වැනි තරගයේ දී ක්‍රිකට් ක්‍රීඩාවට එහා ගිය ක්‍රීඩකයින්ගේ පාපන්දු හැකියාවන් දැක බලා ගැනීමේ අවස්ථාවක් ප්‍රේක්ෂකයින්ට උදා වුණා.

තරගය මුල්තාන් හී දී පැවැත්වුණේ මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම හා ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම අතරයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් යුනයිටඩ් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 144 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සුල්තාන්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

යුනයිටඩ් ඉනිමේ 11 වැනි පන්දුවාරය ඔලී ස්ටෝන් විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ පළමු පන්දුවට ජෝර්ඩන් කොක්ස් විසින් එල්ල කළ පහරකින් පසුව පන්දුව ෆයින් ලෙග් කලාපය වෙත ඉහළින් ඇදී ගියා.

ක්‍රීඩකයින් තිදෙනෙකු එම පන්දුව රැක ගැනීම සදහා දිව ගිය අතර, හතරේ සීමාව ආසන්නයේ දී මොහමඩ් රිස්වාන් හා උසාමා මීර් යන ක්‍රීඩකයින් දෙදෙනාම එක් වී සිය පාදවලින් පන්දුව රැක ගැනීමට සමත් වීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...