Watch : “එයා වෙන ජොබ් එකක් කරා නම් තමයි ඇත්තටම හොද” වනිදුගෙන් විනිසුරුට සැර ප්‍රකාශයක්

Date:

ඇෆ්ඝනිස්තානයට එරෙහි තෙවැනි විස්සයි 20 තරගයේ දී දුර්වල විනිසුරු තීරණයක් ලබා දුන් විනිසුරු ලින්ඩන් හැනිබල් වෙනත් රැකියාවක් සොයා ගැනීම සුදුසු බව ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායක වනිදු හසරංග පවසනවා.

දඹුල්ලේ පැවැති තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 තරගයෙන් ලකුණු තුනක තියුණු පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

තරගයේ අවසන් පන්දු 3 තුළ දී තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 11 ක් අවශ්‍යව තිබූ නමුත්, තණතීරුවේ පතිත නොවී ඉනට ඉහළින් ඇදී ආ සිව්වැනි පන්දුව නිපන්දුවක් ලෙස විනිසුරුවන් විසින් සංඥා කළේ නැහැ. පුනරූපනවලින් පැහැදිලිවම එය නිපන්දුවක් ලෙස දක්නට ලැබුණු අතර, එය නිපන්දුවක් ලෙස සංඥා කෙරුණේ නම් තරගයේ තීරණය වෙනස්වන්නට ඉඩ තිබුණා.

“ඔව් ඇත්තටම ඉතිං ඒ වගේ එකක් ජාත්‍යන්තර තරගයක වෙන්න බෑ.” යනුවෙන් වනිදු සදහන් කළා.

“ඒක ළගින් ගියානම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒ වගේ එච්චර උඩින් ගිය එකක්, මං හිතන්නේ තව ටිකක් උඩට ගියානම් බැට්ස්මන්ගෙ ඔලුවෙ වදිනවා බෝලෙ. ඒ වගේ එකක් පේන්නේ නෑ කියන්නේ ඒ විනිසුරුවරයා ජාත්‍යන්තර මට්ටමට හරියන්නේ නෑ. ඉතිං එයා වෙන ජොබ් එකක් කරා නම් තමයි ඇත්තටම ගොඩක් හොද”

මෙවැනි විනිසුරු තීරණ ද විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ඔස්සේ (review) විමසා බැලීමේ අවස්ථාව ක්‍රීඩකයින්ට අනිවාර්යයෙන්ම ලබා දිය යුතු බව ද ශ්‍රී ලංකා නායකයා අවධාරණය කර සිටියා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...