නවතම ICC ශ්‍රේණිගත කිරීම් නිවේදනය කෙරේ – ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ඉදිරියට

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද(21) නිවේදනය කළා.

ඊට අනුව එක්දින පිතිකරුවන් අතර 11 වැනි ස්ථානය දක්වා ස්ථාන 7කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා.

ඒ, ඇෆ්ඝනිස්තානය සමග පැවැති තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දී ද්විත්ව ශතකයක් හා ශතකයක් වාර්තා කරමින් ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන්.

මැදපෙල පිතිකරු චරිත් අසලංක සම 15 වැනි ස්ථානයේ රැදී සිටිනවා. සධීර සමරවික්‍රමට හිමිව ඇත්තේ 39 වැනි ස්ථානයයි. අවිශ්ක ප්‍රනාන්දු 94 වැනි ස්ථානය දක්වා ස්ථාන 41 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර, ඇෆ්ඝනිස්තානයට එරෙහි විස්සයි 20 තරගාවලියේ දී වනිදු හසරංග මෙතෙක් දැක් වූ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් ඔහු විස්සයි 20 පන්දු යවන්නන් හා තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා පිළිවෙලින් එක් ස්ථානයකින් හා ස්ථාන 7කින් ඉදිරියට පැමිණ ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

විස්සයි 20 පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන්නේ එංගලන්තයේ අඩිල් රෂීඩ්. තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණ ශකිබ් අල් හසාන්ට හිමිව තිබෙනවා.

මහීෂ් තීක්ෂණ විස්සයි 20 පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ සිට තෙවැනි ස්ථානය දක්වා ස්ථානයකින් පසුබැස තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...