එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස රාජ්පුත් පත් කෙරේ

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඉන්දීය හිටපු ක්‍රීඩකයෙකු වන Lalchand Rajput පත් කර තිබෙනවා.

වසර තුනක කාලයක් සදහා ඔහුව එම ධූරයට පත් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මෙතෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස Mudassar Nazar කටයුතු කළා.

ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග දෙකක් හා එක්දින තරග 4ක් ක්‍රීඩා කර ඇති Lalchand Rajput 2007 පන්දුවාර විස්සයි 20 ලෝක ශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායමේ කලමනාකරු ලෙස කටයුතු කළා.

2017 වසරේ දී ඇෆ්ඝනිස්තානය ටෙස්ට් වරම් දිනා ගනිද්දී ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ පුහුණුකරු වූයේ ද ඔහුයි. 2018 වසරේ සිට 2022 වසර දක්වා ඔහු සිම්බාබ්වේ කණ්ඩායමේ පුහුණුකරු ලෙසයි කටයුතු කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...