තියුණු අවසානයක් සමග ටිම් ඩේවිඩ්ගේ ප්‍රහාරය අවසන් පන්දුවේ දී ඔස්ට්‍රේලියාවට ජය හිමි කර දෙයි

Date:

නවසීලන්තය සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් අවසන් පන්දුවේ දී කඩුලු හයක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(21) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 216 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානුවන් තරගයේ අවසන් පන්දුවේ දී ජයග්‍රහනය වාර්තා කළේ කඩුලු 4ක් දැවී සිටියදීයි.

අවසන් පන්දුවාර දෙකට තරගය ජය ගැනීම සදහා ලකුණු 35 ක් අවශ්‍ය වූ අතර, අවසන් පන්දු අටට අවශ්‍ය වූ ලකුණු ප්‍රමාණය 28ක්. කෙසේ වෙතත්, අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට අවශ්‍ය ලකුණු ප්‍රමාණය 16 ක් දක්වා අවම කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණේ ටිම් ඩේවිඩ් විසින් 19 වැනි පන්දුවාරයේ අවසන් පන්දු දෙකට එල්ල කළ හයේ පහර දෙකත් සමගින්.

ප්‍රහාරාත්මක ඉනිමක නිරත වූ ටිම් ඩේවිඩ් හයේ පහර 3ක් හා හතරේ පහර 2ක් සමග පන්දු 10කින් නොදැවී ලකුණු 31 ක් රැස් කරමින් සිය කණ්ඩායම අනර්ඝ ජයග්‍රහනයක් කරා රැගෙන ගියා.

තරගයේ අවසන් පන්දු තුනට ලකුණු 12 ක් ජයග්‍රහනයට අවශ්‍ය වූ අතර, ටිම් ඩේවිඩ් විසින් ටිම් සවුති යොමු කළ තරගයේ අවසන් පන්දුවාරයේ අවසන් පන්දු තුනට පිළිවෙලින් 6, 2 , 4 ක් වාර්තා කරමින් තරගයේ ජය තහවුරු කර ගත්තා. (දර්ශන පහතින්)

ඉනිමේ නැංගුරම බවට පත් වූ අංක 3 පිතිකරු, නායක මිචෙල් මාෂ් පන්දු 44 කින් නොදැවී ලකුණු 72 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට ජයග්‍රහනයේ මාවත විවර කළා. හයේ පහර 7ක් හා හතරේ පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඔස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කළ ට්‍රැවිස් හෙඩ් ලකුණු 24(15) ක් හා ඩේවිඩ් වෝනර් ලකුණු 32(20) ක් ලබා ගත්තා. ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 25(11) කටත්, ජොෂ් ඉන්ග්ලිස් ලකුණුු 20(20) කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී මිචෙල් සැන්ට්නර් කඩුලු දෙකක් දවා ගත් අතර, ඇඩම් මිල්න් හා ලොකී ෆර්ගසන් කඩුල්ල බැගින් බිද හෙලුවා.

වෙලින්ටන් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 215 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේ කඩුලු 3ක් දැවී සිටියදීයි.

ආරම්භක පිතිකරුවන් වූ ෆින් ඇලන් ලකුණු 32(පන්දු 17) ක් හා ඩෙවෝන් කොන්වේ ලකුණු 63 (46) ක් රැස් කළා.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අංක 3 පිතිකරු රචින් රවීන්ද්‍ර පන්දු 35 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 68 ක්. හයේ පහර 6ක් හා හතරේ පහර දෙකක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ග්ලේන් පිලිප්ස් නොදැවී ලකුණු 19(10) ක් හා මාර්ක් චැප්මන් නොදැවී ලකුණු 18(13) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී දැවී ගිය කඩුලු 3 දවා ගත්තේ මිචෙල් ස්ටක්, පැට් කමින්ස් හා මිචෙල් මාෂ් විසින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...