දඹුල්ලේ අදත් දිගු පෝලිමක් – ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අවසන් තරගයට වෙනස්කම් කිහිපයක් ?

Date:

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය නැරඹීම සදහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අරමුණින් අද (21) දිනයේ දී ද දිගු පෝලිමක් දඹුල්ල ප්‍රදේශයේ දැක ගත හැකිව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට දින කිහිපයකට පෙර සදහන් කළේ අද තරගය සදහා වන ප්‍රවේශ පත්‍ර ද අලෙවි වී අවසන්ව ඇති බවයි.

කෙසේ වෙතත්, දැඩි ප්‍රේක්ෂක ඉල්ලුම මත අද පැවැත්වෙන විස්සයි 20 තරගය සදහා තවත් ප්‍රවේශ පත්‍ර 2,000 ක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව ‘අද දෙරණ’ වාර්තා කර තිබෙනවා.

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කර නැහැ.

එවැනි පසුබිමක මේ වන විට ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අරමුණින් දඹුල්ල ප්‍රදේශයේ දිගු පෝලිමක් දැක ගත හැකියි. (දර්ශන පහතින්)

මේ අතර, තරගාවලිය තරග 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව මේ වන විටත් ජය ගෙන ඇති බැවින් අද තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට වෙනස්කම් කිහිපයක්ම සිදු කිරීමට ඉඩ පවතිනවා.

ඒ අනුව නුවන් තුෂාර හා කුසල් පෙරේරා අද තරගයේ දී බොහෝ විට කණ්ඩායමට කැදවීමට නියමිත බවයි වාර්තා වන්නේ. ධනංජය ද සිල්වාට අද තරගයේ දී කණ්ඩායමේ ස්ථානය අහිමි වීමේ අවධානමක් පවතිනවා.

ඇතැම් විට මහීෂ් තීක්ෂණ ද අද තරගයෙන් ඉවත් කර අකිල ධනංජයට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇති.

විස්සයි 20 තරගාවලියේ දී මෙතෙක් කිසිදු තරගයක් ක්‍රීඩා නොකළ ඩිල්ෂාන් මදුෂංකට මෙන්ම කමිදු මෙන්ඩිස්ට ද අද තරගයේ දී අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් සලකා බලනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...