2024 IPL තරගාවලියට දුෂ්මන්ත චමීර මිලදී ගැනේ

Date:

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට හිමිව තිබෙනවා.

ඒ, ඔහුව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් සිය සංචිතය සදහා මිලදී ගැනීමත් සමගයි.

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක Gus Atkinson වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු ලෙස ඔහු සමග ගිවිසුම්ගත වීමටයි නයිට් රයිඩර්ස් කණ්ඩායම පියවර ගෙන ඇත්තේ.

ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලකට චමීර සමග කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ගිවිසුම්ගත වී ඇති බවයි තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.

චමීර මීට පෙර 2018 වසරේ දී හා 2021 වසරේ දී පිළිවෙලින් රාජස්ථාන් රෝයල්ස් හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සංචිතවලට ඇතුළත්ව සිටියා.

2022 අදියරේ දී දුෂ්මන්ත චමීර ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග 12 ක් ක්‍රීඩා කළ අතර, එහිදී කඩුලු 9ක් දවා ගැනීමට ඔහු සමත් වුණා.

මෙම ගිවිසුම්ගත වීමත් සමග එළඹෙන අයි.පී.එල් තරග වාරය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 6 දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතව සිටිනවා.

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය පසුගිය දෙසැම්බර් 19 වැනිදා ඩුබායි හී දී පැවැති අතර, එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු කණ්ඩායම් හිමිකරුවන් විසින් ලංසු ඉදිරිපත් කරමින් මිලදී ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක ඉන්දීය රුපියල් කෝටි 4.60 ක මුදලකට මිලදී ගත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසිනුයි.

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ද වෙන්දේසියේ දී මිලදී ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කටයුතු කළා. ඒ, ඉන්දීය රුපියල් කෝටි 4.80 ක මුදලකටයි.

වනිදු හසරංග ඉන්දීය රුපියල් කෝටි 1.5 මුදලකට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම විසින් මිලදී ගත්තා.

වෙන්දේසියට පෙරම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ හා මහීෂ් තීක්ෂණ සිය සංචිතයේ රදවා ගැනීමටයි තීරණය කර තිබුණේ.

දුෂ්මන්ත චමීර අවස්ථා දෙකකදී වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු නමුත්, කිසිදු කණ්ඩායමක් ඔහුව වෙන්දේසියේ මිලදී නොගත් පසුබිමකයි ඔහු සමග අද දිනයේ දී කොල්කටා කණ්ඩායම ආදේශක ක්‍රීඩකයෙකු ලෙස ගිවිසුම්ගත වී ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...