ඔස්ට්‍රේලියානු T20 සංචිතයට තවත් වෙනසක්

Date:

නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Aaron Hardie ට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ පාදයක සිදුව ඇති ආබාධ තත්ත්වයක් හේතුවෙන්. ඒ අනුව ඔහු වෙනුවට ස්පෙන්සර් ජොන්සන් සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Tasmania කණ්ඩායම සමග පැවැති දේශීය තරගයකදී Aaron Hardie ගේ පාදයක ආබාධය සිදුව ඇති බව සදහන්.

බදාදා දිනයේ දී වෙලින්ටන් හී දී ආරම්භ වීමට නියමිත තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට ඔහුව පළමුව නම් කර තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, මර්කස් ස්ටොයිනිස්ට පිට කොන්ද ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වීමත් සමගයි Aaron Hardie සංචිතයට ආදේශ කෙරුණේ.

මේ අතර, දෙරට අතර පැවැත්වෙන මෙම විස්සයි 20 තරගාවලිය Chappell-Hadlee කුසලානය වෙනුවෙන් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මීට පෙර Chappell-Hadlee කුසලානය වෙනුවෙන් පැවැත්වුණේ ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය ක්‍රීඩා කරන එක්දින තරගාවලි පමණයි.

Australia T20 squad: Mitchell Marsh (c), Pat Cummins, Tim David, Nathan Ellis, Josh Hazlewood, Travis Head, Josh Inglis, Spencer Johnson, Glenn Maxwell, Matt Short, Steve Smith, Mitchell Starc, Matthew Wade, David Warner, Adam Zampa

New Zealand T20 squad: Finn Allen, Devon Conway, Tim Seifert, Rachin Ravindra, Glenn Phillips, Mark Chapman, Josh Clarkson, Mitchell Santner (c), Matt Henry, Ish Sodhi, Lockie Ferguson, Tim Southee, Adam Milne, Trent Boult

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...