පන්දුවක් කෙළින්ම හිසේ වැදීමෙන් වූ අනතුරක් නිසා මුස්ටර්ෆිසුර් රෝහල් ගත කෙරේ

Date:

බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටර්ෆිසුර් රහ්මාන්ගේ හිසෙහි පන්දුවක් වැදීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් ඔහුව රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර දී Comilla Victorians කණ්ඩායම එක් වූ පුහුණු සැසියක් අතරතුර දී යි මෙම අනතුර සිදුව ඇත්තේ.

ඔහු රැදී සිටි ස්ථානයට ආසන්න දැලක් තුළ පන්දුවට පහර දෙමින් සිටි Mathew Forde එල්ල කළ පහරකින් පසුව එම පන්දුව රහ්මාන්ගේ හිසේ වැදී ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අනතුරුව ඔහුගේ හිසෙන් රුධිරය වහනය වීමක් ද සිදුව තිබෙනවා. මූලික වෛද්‍ය ප්‍රතිකාර එම ස්ථානයේ දී ම ඔහුට ලබා දී ඇති අතර, පසුව ඔහුව ගිලන් රථයක් මාර්ගයෙන් රෝහල් ගත් කිරීමට පියවර ගෙන තිබූ බව සදහන්.

ඔහුගේ හිසේ අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවී නොමැති බව රෝහලේ දී සිදු කෙරුණු CT පරීක්ෂණයකදී තහවුරු වී තිබෙනවා.

මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ Comilla Victorians කණ්ඩායම ක්‍රීඩා කරන මීළග තරගය අද(19) Sylhet Strikers කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

මේ වන විට තරග 9කින් තරග 7ක් ජය ගෙන සිටින Victorians කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...