Watch : වැරැදි අවබෝධයක් මත සිදු වූ ඉනිම අත්හිටුවීම – ආවේගශීලී වූ ෂර්මා ක්‍රීඩකයින් යළි හරවා යවයි

Date:

ඉන්දියාවට ලකුණු 434 ක වාර්තාගත ජයක් හිමි කර දෙමින් අද(18) රාජ්කොට්හී දී නිමා වූ ඉන්දු-එංගලන්ත තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඉන්දීය දෙවැනි ඉනිම නිල වශයෙන් අත්හිටුවීමට පෙර ඉනිම අත්හිටුවූ බවට ඇති වූ වැරැදි අවබෝධයක් හේතුවෙන් සියලු ක්‍රීඩකයින් ක්‍රීඩාගාරය දෙසට ගමන් කිරීම බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයක් දිනා ගත් සිදු වීමක් බවට පත් වුණා.

මෙම තරගයේ දී ඉන්දීය දෙවැනි ඉනිම අද අත්හිටුවනු ලැබුවේ ඉන්දියාව කඩුලු 4ක් දැවී ලකුණු 430 ක් ලබා සිටියදීයි.

ඊට පෙර ද ඉන්දියාව කඩුලු 4ක් දැවී ලකුණු 412 ක් ලබා සිටියදී ඉන්දීය ඉනිම අත්හිටු වූ බවට ඇති වූ වැරැදි අවබෝධයක් හේතුවෙන් ඉන්දීය පිතිකරුවන් දෙදෙනා වූ යශස්වි ජයිස්වාල් හා සර්ෆරාස් ඛාන් මෙන්ම එංගලන්ත පන්දු රකින්නන් ද ක්‍රීඩාගාරය දෙසට ගමන් කළා.

තරගය අතරතුර දී සිසිල් පැන් පානය සදහා ලබා දුන් විවේකය අතරතුර දී ඇති වූ වැරැදි සන්නිවේදනයක් ‍හේතුවෙනුයි ඔවුන් එලෙස ක්‍රීඩාගාරය දෙසට ගමන් කළේ.

නමුත්, පසුව නායක රෝහිත් ෂර්මා තමා විසින් ඉනිම අත්හිටුවීමක් සිදු නොකළ බවත්, වහාම යළි ක්‍රීඩාංගනය වෙතට යන ලෙසටත් ක්‍රීඩකයින්ට සංඥා කළා.

අනතුරුව එංගලන්ත කණ්ඩායම යළි සිය කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් එක්රැස් කර ගනිමින් ක්‍රීඩාංගනය තුළට පිවිසියා.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...