ප්‍රවේශ පත්‍ර මිලදී ගන්න ප්‍රවේශ පත්‍ර කවුළු වෙතට යළි එන්න එපා – ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

Date:

ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිත අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග දෙකේ ද ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අලෙවි වී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව කොළඹ හා දඹුල්ලේ පිහිටුවා තිබූ ප්‍රවේශ පත්‍ර කවුළු මේ වන විට වසා දැමීමට පියවර ගෙන ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ හේතුවෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අරමුණින් ප්‍රවේශ පත්‍ර කවුළු වෙත පැමිණීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රේක්ෂකයින්ට දැනුම් දෙනවා.

දෙරට අතර පැවැති පළමු පන්දුවාර 20යි 20 තරගය සදහා වූ ප්‍රවේශ පත්‍ර ද දින කිහිපයකට පෙරම අලෙවි වී අවසන්ව තිබුණා.

ඒ අනුව ඊයේ(17) පැවැති පළමු 20යි 20 තරගය නැරඹීම සදහා ප්‍රේක්ෂකයින් 18,000 ක පමණ පිරිසක් පැමිණ සිටි බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්ව ඇත්තේ.

පළමු 20යි 20 තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු හතරක තියුණු ජයක් වාර්තා කළ අතර, දෙවැනි හා තෙවැනි 20යි 20 තරග පිළිවෙලින් එළඹෙන 19 වැනිදා හා 21 වැනිදා දඹුල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...