කුසල්ගේ හා වියස්කාන්ත්ගේ දක්ෂතා මැද ILT20 ශූරතාවය MI Emirates කණ්ඩායමට

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ILT20 තරගාවලියේ දෙවැනි අදියරේ ශුරතාවය දිනා ගැනීමට නිකලස් පූරාන් නායකත්වය දැරූ MI Emirates කණ්ඩායම සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී සෑම් බිලින්ග්ස්ගේ නායකත්වයෙන් යුත් Dubai Capitals කණ්ඩායම ලකුණු 45 කින් පරාජයට පත් කරමින්.

අවසන් තරගය සදහා එමිරේට්ස් කණ්ඩායම නියෝජනය කරමින් කුසල් පෙරේරා, භානුක රාජපක්ෂ හා විජයකාන්ත් වියස්කාන්ත් යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ක්‍රීඩා කළා.

ඩුබායි හි පැවැති තරගයේ කැපිටල්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එමිරේට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3ක් දැවී ලකුණු 208 ක් රැස් කිරීමට සමත් වුණා.

පළමු කඩුල්ල සදහා කුසල් පෙරේරා හා මුහම්මද් වසීම් පන්දුවාර 6.4 ක් තුළ වේගවත් ලකුණු 77 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. වසීම් පන්දු 24 කින් ලකුණු 43 ක් රැස් කළේ හයේ පහර හා හතරේ පහර 3 බැගින් එල්ල කරමින්. කුසල් පෙරේරා ලකුණු 38 යි. පන්දු 26 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර හයක් ඇතුළත්.

අන්ඩ්‍රි ෆ්ලෙචර් පන්දු 37 කින් ලකුණු 53 ක් ලබා ගත් අතර, නායක නිකලස් පූරාන් පන්දු 27 ක් පමණක් වැය කරමින් නොදැවී ලකුණු 57 ක් ලබා ගත්තා. පූරාන්ගේ ඉනිම හයේ පහර හයකින් හා හතරේ පහර දෙකකින් වර්ණවත් වුණා. භානුක රාජපක්ෂට මෙම තරගයේ දී පිතිකරණයේ නිරත වීමට අවස්ථාවක් උදා වූයේ නැහැ.

පන්දු යැවීමේ දී ඔලී ස්ටෝන්, සිකන්ඩ රාසා හා සහීර් ඛාන් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැපිටල්ස් පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 163 ක් පමණයි.

සෑම් බිලින්ග්ස් ලකුණු 40 ක් හා ටොම් බැන්ටන් ලකුණු 35 ක් රැස් කළා. පන්දු යැවීමේ දී විජයකාන්ත් වියස්කාන්ත් හා ට්‍රෙන්ට් බෝලට් කඩුලු දෙක බැගින් බිද හෙලුවා. වියස්කාන්ත් ලකුණු 24 ක් පමණක් ලබා දෙමින් මෙම තරගයේ දී දවා ගත්තේ ටොම් බැන්ටන්ගේ හා සිකන්ඩ රාසාගේ කඩුලු දෙකයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...