ක්යල් ජමීසන්ට තවත් වසරක් ක්‍රිකට් අහිමි වෙයි

Date:

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ක්යල් ජමීසන්ගේ පිට කොන්ද ආශ්‍රිතව යළි අස්ථි බිදී යාමක් සිදුව ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ඔහුට අවම වශයෙන් තවත් වසරක පමණ කාලයක් ක්‍රීඩාවෙන් ඉවත් වීමට සිදු වන බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

පසුගිය වසරේ දී ද ඔහු පිට කොන්ද ආශ්‍රිතව ශල්‍යකර්මයකට මුහුණ දුන් අතර, එම ප්‍රදේශයේම මෙම නව ආබාධය සිදුව ඇති බව සදහන්.

දකුණු අප්‍රිකාව සමග පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පසුව මුහුණ දුන් වැඩිදුර වෛද්‍ය පරීක්ෂණවලදී මේ බව අනාවරණය වී ඇති අතර, ආබාධය හේතුවෙන් ඔහු දෙවැනි ටෙස්ට් තරගයෙන් ද ඉවත් කෙරුණා.

කෙසේ වෙතත්, ක්යල් ජමීසන් යළිත් ශල්‍යකර්මයකට මුහුණ දීමට අවශ්‍ය නොමැති බවත්, ආබාධය සුව වීම සදහා ඔහුට යම් කාලයක් විවේක ගැනීමට සිදු වන බවත්, අනතුරුව ඔහු පුනරුත්තාපන කටයුතුවල නිරත වීමට නියමිතව ඇති බවත් නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළා.

සිය ආබාධය සම්බන්ධයෙන් ක්යිල් ජමීසන් මෙලෙස අදහස් දක්වා සිටියා.

“The last few days have been some of my most challenging but I am hugely grateful for the support I’ve received from my partner, family, teammates, support staff and medical professionals.”

“I know injuries are part of life as a cricketer and at my age I am hopeful I still have many more playing days ahead of me.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...