ඩිල්ෂාන්ගේ වාර්තාව නබී බිද දමයි – ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

Date:

නවතම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගැනීමට ඇෆ්ඝනිස්තානයේ මොහමඩ් නබී (ශ්‍රේණිගත ලකුණූ 314) සමත්ව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව සමග පැවැති එක්දින තරගාවලියේ දී දැක් වූ දක්ෂතා පදනම් කර ගනිමිනුයි.

මෙතෙක් එහි පළමු ස්ථානයේ රැදී සිටි බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන්ට (ශ්‍රේණිගත ලකුණු 310) මේ වන විට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.

ශකිබ් අල් හසාන් දින 1,739 ක කාලයක් තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණ රැක ගැනීමට සමත්ව තිබුණා.(2019 වසරේ මැයි 7 වැනිදා සිට)

මොහමඩ් නබීගේ වයස මේ වන විට අවුරුදු 39 යි මාස එකක් වන අතර, ඒ අනුව ඔහු ඉතිහාසගත වූයේ එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණ හිමි කර ගත් වයස්ගතම ක්‍රීඩකයා ලෙසයි.

මීට පෙර ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් 2015 වසරේ ජූනි මාසයේ දී එහි පෙරමුණට පත් වීමේ දී ඩිල්ෂාන්ගේ වයස සටහන්ව තිබුණේ අවුරුදු 38 යි මාස 8 ක් ලෙසයි. ඒ අනුව මෙතෙක් අදාළ වාර්තාවට හිමිකම් කියා තිබුණේ ඩිල්ෂාන් විසිනුයි.

මේ අතර, නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 26 වැනි ස්ථානය දක්වා ස්ථාන 14 කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ වනිදු හසරංග සමත්ව සිටිනවා. ඩිල්ෂාන් මදුෂංක 33 වැනි ස්ථානය හිමි කර ගෙන ඇත්තේ ස්ථාන 4 කින් ඉදිරියට පැමිණෙමින්.

එමෙන්ම එක්දින පිතිකරුවන් අතර 15 වැනි ස්ථානය දක්වා ස්ථාන 5 කින් ඉදිරියට පැමිණීමට චරිත් අසලංක සමත්ව ඇති අතර, පැතුම් නිස්සංක 18 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 10කින්.

සධීර සමරවික්‍රම ද 41 වැනි ස්ථානය දක්වා ස්ථාන ස්ථාන 6කින් ඉදිරියට පැමිණ ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...