Watch : දුනිත්ගේ සුපිරි පන්දුවක් හමුවේ අලිකිල් දැවී ගිය හැටි

Date:

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් කඩුල්ලක් දවා ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද(14) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානය පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඇෆ්ඝනිස්තාන ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස ඉක්‍රම් අලිකිල් දවා ගැනීම සදහායි දුනිත් වෙල්ලාලගේ තියුණු දග කැවීමක් සහිත පන්දුවක් යොමු කළේ.

එහිදී පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් අලිකිල් දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 32ක්.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ 5 වැනි කඩුල්ල දැවී යන විට ඔවුන් පන්දුවාර 39.5 ක් අවසානයේ ලබා සිටි ලකුණු සංඛ්‍යාව 229 ක්.

මෙම තරගයේ දී දුනිත් වෙල්ලාලගේ සිය පන්දුවාර 10 තුළ දී ලකුණු 38 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

ඉක්‍රම් අලිකිල් දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...