SL v AFG : T20 තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි අයුරු

Date:

ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්තාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි ක්‍රමවේද සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (14) තවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කළා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය වන www.srilankacricket.lk වෙබ් අඩවිය ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එමෙන්ම කොළඹ විද්‍යා මාවතේ පිහිටි ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් ද, රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙන් ද, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් ද ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

දඹුල්ල ක්‍රීඩාංගනයෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි වන්නේ තරග නොවැපැත්වෙන දිනවලදීයි. තරග පැවැත්වෙන දිනවලදී දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කවුළුව ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ලබා දී තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය එළඹෙන 17, 19 හා 21 යන දිනවලදී දඹුල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි. සියලු තරග රාත්‍රී 7ට ආරම්භ වනවා.

ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි අයුරු හා ප්‍රවේශ පත්‍ර මිල ගණන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...