Watch : 6, 0, 4, 6, 6, 6 – කොදෙව් දැවැන්තයාගෙන් ඇඩම් සම්පාගේ පන්දුවාරයකට දරුණු ප්‍රහාරයක්

Date:

ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද(13) පර්ත්හී දී ආරම්භ වූ තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් කොදෙව්වන් ලකුණු 200 සීමාව අභිබවා රැගෙන යාමට ප්‍රහාරාත්මක පිතිකරු අන්ඩ්‍රි රසල් සමත් වුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු හයක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 220 ක්.

අන්ඩ්‍රි රසල් පන්දු 29 කින් ලකුණු 71 ක් ලබා ගත් අතර, ශෙර්ෆේන් රදර්ෆර්ඩ් පන්දු 40 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 67 ක්.

රසල්ගේ වේගවත් ඉනිමට දැවැන්ත හයේ පහර 7ක් හා හතරේ පහර 4ක් ඇතුළත් වුණා. රදර්ෆර්ගේ ඉනිම හයේ පහර හා හතරේ පහර 5 බැගින් වර්ණවත් කළා.

තරගය අතරතුර දී කොදෙව් ඉනිමේ 19 වැනි පන්දුවාරය යොමු කළ ඇඩම් සම්පාට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් දියත් කිරීමට රසල් සමත් වුණා.

එම පන්දුවාරයේ දී හයේ පහර 4ක් හා හතරේ පහරක් සමගින් රසල් රැස් කළ ලකුණු සංඛ්‍යාව 28 ක්. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...