Watch : කොදෙව්-ඔස්ට්‍රේලියා තරගයේ දී ප්‍රේක්ෂකයෙකු තනි අතින් රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද(13) ආරම්භ වූ තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී තනි අතින් ප්‍රේක්ෂකයෙකු රැක ගත් සුපිරි උඩ පන්දුවක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

පර්ත් හී දී මෙම තරගය ආරම්භ වුණේ තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුව පන්දුවට පහරදීමට ගත් තීරණයත් සමගයි.

ඒ අනුව කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 220 ක් රැස් කළා.

අන්ඩ්‍රි රසල් පන්දු 29 කින් ලකුණු 71 ක් ලබා ගත් අතර, ශෙර්ෆේන් රදර්ෆර්ඩ් පන්දු 40 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 67 ක්.

රදර්ෆර්ඩ් fine leg කලාපය හරහා එල්ල කළ හයේ පහරකින් පසුවයි ඉහළින් ඇදී ආ පන්දුව තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයෙකු විසින් තනි අතකින් විශිෂ්ට ලෙස රැක ගැනීමට සමත් වුණේ.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...