Ruan de Swardt හා Shaun von Berg බිද වැටුණු දකුණු අප්‍රිකා ඉනිම ගොඩ ගනියි

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(13) හැමිල්ටන් හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු හයක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 220 ක්.

ආරම්භක පිතිකරුවන් වූ Clyde Fortuin ලකුණු නොලබාත්, නායක Neil Brand ලකුණු 25 කටත් දැවී ගියා.

Raynard van Tonder ලකුණු 32 ක්, Zubayr Hamza ලකුණු 20 ක් හා David Bedingham ලකුණු 39 ක් රැස් කළා.

Keegan Petersen ලකුණු දෙකකට දැවී ගියා. ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 150 දී බිද වැටීමෙන් පසුව 7 වැනි කඩුල්ල සදහා Ruan de Swardt හා Shaun von Berg ලකුණු 70 (162) ක නොබිදුණු සම්බන්ධතාවයක් මේ වන විට ගොඩ නගා තිබෙනවා.

Ruan de Swardt නොදැවී ලකුණු 55 ක් හා Shaun von Berg නොදැවී ලකුණු 34 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී රචින් රවීන්ද්‍ර ලකුණු 33 කට කඩුලු 3 ක් දවා ගත්තා. මැට් හෙන්රි, නෙයිල් වෑග්නර් හා මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ William O’Rourke කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...