Jake Fraser-McGurk ඔස්ට්‍රේලියානු T20 සංචිතයට නම් කෙරේ

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට Jake Fraser-McGurk කැදවා තිබෙනවා.

ඒ අනුව අගහරුවාදා (13) පැවැත්වෙන අවසන් 20යි 20 තරගයේ දී ඔහු ජාත්‍යන්තර 20යි 20 වරම් හිමි කර ගැනීමට ඉඩ ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලියේ දී යි ඔහු එක්දින ජාත්‍යන්තර වරම් ද හිමි කර ගත්තේ.

මේ අතර, මෙතෙක් එක්දින ජාත්‍යන්තර තරග 2ක් පමණක් ක්‍රීඩා කර ඇති වේග පන්දු යවන ක්‍රීඩක වෙස් ඒගාර් ද සංචිතයට නම් කර තිබෙනවා.

අත්දැකීම් බහුල වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් එළඹෙන නවසීලන්ත තරග සංචාරය සදහා සූදානම් වීමේ අරමුණින් සිඩ්නි බලා පිටත්ව ගොස් ඇති බව සදහන්.

මේ අතර, කොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලියේ දී ජාත්‍යන්තර වරම් දිනා ගත් Xavier Bartlett ද 20යි 20 සංචිතයට නම් කර තිබූ බැවින් ඔහු ද තෙවැනි 20යි 20 තරගයේ දී 20යි 20 ජාත්‍යන්තර වරම් හිමි කර ගැනීමට වැඩි ඉඩක් පවතිනවා.

කොදෙව්වන්ට එරෙහි පළමු හා තෙවැනි එක්දින තරග දෙක සදහා ඔහු ක්‍රීඩා කළ අතර, එහිදී කඩුලු 4 බැගින් දවා ගැනීමට Bartlett සමත් වුණා.

මේ වන විට දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2-0 ක් ලෙස ඔස්ට්‍රේලියාව පෙරමුණ හිමි කර ගෙන සිටිනවා. අවසන් තරගය හෙට පර්ත් හී දී පැවැත්වීමට නියමිතයි.

Australia T20I squad:

Mitchell Marsh (c), Wes Agar, Xavier Bartlett, Jason Behrendorff, Tim David, Jake Fraser-McGurk, Aaron Hardie, Josh Hazlewood, Josh Inglis, Spencer Johnson, Glenn Maxwell, Marcus Stoinis, Matthew Wade, David Warner, Adam Zampa

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...