රාහුල් තෙවැනි තරගයෙනුත් ඉවතට – ආදේශක ක්‍රීඩකයෙකු නම් කෙරේ

Date:

ඉන්දීය මැද පෙල පිතිකරුවෙකු වන කේ එල් රාහුල්ට එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ, ඔහුගේ දණහිසක සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.

රාහුල් වෙනුවට දෙව්දත් පඩික්කල් ඉන්දීය ටෙස්ට් සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කේ එල් රාහුල්ට දෙරට අතර විසාකාපට්නම් හී දී පැවැති දෙවැනි ටෙස්ට් තරගය ද ආබාධයක් නිසා අහිමි වුණා.

අවසන් ටෙස්ට් තරග තුන සදහා ඔහුව සංචිතයට නම් කෙරුණ ද ශාරීරික යෝග්‍යතාවය සුදුසු මට්ටමක පැවතුණහොත් පමණක් ඔහු ක්‍රීඩා කරන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මීට පෙර නිවේදනය කළේ.

කෙසේ වෙතත්, සදුදා පස්වරුවේ දී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ කේ එල් රාහුල් මේ වන විට තරග ක්‍රීඩා කිරීම සදහා 90% ක් පමණ සුදුසු යෝග්‍යතාවයක් ළගා කර ගෙන සිටින බවයි.

ඒ අනුව සිව්වැනි හා පස්වැනි ටෙස්ට් තරග ක්‍රීඩා කිරීම සදහා සම්පූර්ණයෙන්ම යෝග්‍ය තත්ත්වයකට පත් වීම වෙනුවෙන් ඔහු බැංගලූරුහි ජාතික ක්‍රිකට් ඇකඩමියේ දී අවශ්‍ය කටයුතු සිදු කරනු ඇති.

පෞද්ගලික හේතුවක් මත සුපිරි පිතිකරු විරාත් කෝලි ද මෙම ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වුණා. ෂ්රෙයස් අයියර් ද අවසන් ටෙස්ට් තරග 3 සදහා වන සංචිතයට නම් කෙරුණේ නැහැ.

ඉන්දු-එංගලන්ත තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවන අතර, තෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 15 වැනිදා රාජ්කොට් හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...