කොදෙව් නවක වේග පන්දු යවන්නා එංගලන්ත ක්‍රීඩකයා වෙනුවට ලක්නව් සංචිතයට

Date:

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක ශමාර් ජෝසප් එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

එම කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් වෙනුවටයි ඔහුව සංචිතයට ආදේශ කර ඇත්තේ.

ඉන්දීය රුපියල් කෝටි තුනක මුදලකට ජෝසප් ලක්නව් සුපර් ජයන්ට්ස් සංචිතය සමග එක්ව ඇති බව තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළා.

ශමාර් ජෝසප් අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය වනු ඇති.

ඔහු ඔස්ට්‍රේලියානු තරග සංචාරය යටතේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් කොදෙව්වන්ට විශිෂ්ඨ ජයක් හිමි කර දීම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූයේ දෙවැනි ඉනිමේ දී කඩුලු 7ක් දවා ගනිමින්.

කාර්යය ප්‍රමාණය (workload) කලමනාකරණය කිරීමේ අරමුණින් මාර්ක් වුඩ් මෙවර අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් කර ගැනීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

ජූනි මාසයේ දී පන්දුවාර 20යි 20 ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන බැවින් හා බටහිර ඉන්දීය කොදෙව්වන්ට හා ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලි පැවැත්වීමට නියමිතව ඇති බැවින් එංගලන්තය එම පියවර ගෙන ඇති බව සදහන්.

සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් 2022 තරග වාරයට පෙර පැවැති වෙන්දේසියේ දී මාර්ක් වුඩ් සිය කණ්ඩායමට මිලදී ගැනීමට කටයුතු කළේ ඉන්දීය රුපියල් කෝටි 7.50 ක මුදලකටයි.

කෙසේ වෙතත්, ඔහුට ආබාධයක් නිසා 2022 අදියර ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ. 2023 අදියරේ දී තරග 4ක් ක්‍රීඩා කළ වුඩ් එහිදී කඩුලු 11 ක් දවා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...