ෂ්රෙයස් අයියර් ඉවතට – කෝලි නොමැතිව ඉන්දීය ටෙස්ට් සංචිතය නම් කෙරේ

Date:

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත අවසන් ටෙස්ට් ක්‍රිකට් තරග තුන සදහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

සංචිතයෙන් මැදපෙල පිතිකරු ෂ්රෙයස් අයියර් ඉවත් කිරීමටයි ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ෂ්රෙයස් අයියර් පළමු ටෙස්ට් තරග දෙකේ දී සැලකිය යුතු දක්ෂතාවයක් දැක්වීමට අසමත් වූ අතර, දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව ඔහු සුළු ආබාධයකින් ද පසු වුණා.

නමුත්, ඔහුව තේරීම් සදහා සලකා බැලීමට වෛද්‍ය කමිටුවේ අනුමැතිය ලැබී තිබූ බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

ආබාධවලට ලක්වීම හේතුවෙන් දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ රවීන්ද්‍ර ජඩේජා හා කේ එල් රාහුල් අවසන් ටෙස්ට් තරග 3 සදහා වන ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් ඉන්දීය සංචිතයට නම් කර ඇතත්, ශාරීරික යෝග්‍යතාවය සුදුසු මට්ටමක පසු වුවහොත් පමණක් ඔවුන් ක්‍රීඩා කරනු ඇති.

පෞද්ගලික හේතුවක් මත පළමු ටෙස්ට් තරග දෙකෙන් ඉවත් වූ විරාට් කෝලි අවසන් ටෙස්ට් තරග තුනෙන් ද ඉවත් වී තිබෙනවා.

මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක ආකාශ් දීප් පළමු වරට ටෙස්ට් සංචිතය සදහා නම් කර තිබෙනවා.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය එංගලන්තයත්, දෙවැනි ටෙස්ට් තරගය ඉන්දියාවත් ජය ගත් බැවින් තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

තෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 15 වැනිදා රාජ්කෝට් හී දී ආරම්භ වීමට නියමිතයි. අවසන් තරග දෙක පැවැත්වෙන්නේ රංචි හී දී හා ධරම්සාලා හී දී යි.

India squad for last three England Tests

Rohit Sharma (c), Jasprit Bumrah (vc), Yashasvi Jaiswal, Shubman Gill, KL Rahul, Rajat Patidar, Sarfaraz Khan, Dhruv Jurel (wk), KS Bharat (wk), R Ashwin, Ravindra Jadeja, Axar Patel, Washington Sundar, Kuldeep Yadav, Mohammed Siraj, Mukesh Kumar, Akash Deep

තවත් ක්‍රිකට් පුවත් මෙතනින් කියවන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...