උගන්ඩා කණ්ඩායම දිවයිනට – කරුණු පහදමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිල නිවේදනයක්

Date:

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායමට මෙරට දී දින 14ක පුහුණු කදවුරක් පැවැත්වීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව උගන්ඩා කණ්ඩායම අද(10) පෙරවරුවේ දී දිවයිනට පැමිණි බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

පුහුණුවීම් සදහා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය උගන්ඩා කණ්ඩායම වෙනුවෙන් ලබා දී ඇති බව ද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන්.

ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ සංවර්ධන සංචිතවලින් කණ්ඩායමක් සමග උගන්ඩා කණ්ඩායම තරග 7කින් යුත් 20යි 20 තරගාවලියක් ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

පිටියේ විනිසුරුවන්, ලකුණු සටහන් කරන්නන්, තරඟ අතරතුර අවශ්‍ය ආහාර පාන, වෛද්‍ය සහාය සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ද උගන්ඩා කණ්ඩායම වෙනුවෙන් ලබා දීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම මෙරට තුළ ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සපයනු ඇති.

උගන්ඩා ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම පහසුකම් ලබා දීම සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

ජනවාරි 3 වැනිදා සිට 6 වැනිදා දක්වා උගන්ඩාවේ පැවැති 27 වැනි පොදුරාජ්‍ය මණ්ඩල කතානායකවරුන්ගේ සමුළුව අතරතුර දී එම ඉල්ලීම සිදු කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...