පැතුම් අලුත් කළ වාර්තා හා ලොව නන් දෙසින් ලැබුණු සුබ පැතුම් මෙන්න

Date:

ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්තාන පළමු එක්දින තරගයේ දී වාර්තා පොත් අලුත් කළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට මේ වන විට ලොව නන් දෙසින් සුබ පැතුම් ලැබෙමින් පවතිනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු පිතිකරු ලෙසයි පැතුම් මෙම තරගයේ දී ඉතිහාසගත වුණේ.

වත්මන් ක්‍රීඩකයින්ගෙන් මෙන්ම හිටපු ක්‍රීඩකයින් ඇතුළු ප්‍රවීනයින්ගෙන් මේ වන විට ඔහුට මෙම දක්ෂතාවය වෙනුවෙන් සුබ පැතුම් ලැබෙමින් පවතින මෙම අවස්ථාවේ දී ඔහු ඊයේ දිනයේ දී පිහිටු වූ තවත් වාර්තා කිහිපයක් හා ලැබුණු සුබ පැතුම් කිහිපයක් පිළිබදවයි මෙම ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ.

ලකුණු 210*

පැතුම් නොදැවී වාර්තා කළ ලකුණු 210 එක්දින තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ සම 5 වැනි ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙසයි ඉතිහාසගත වුණේ.

ඔහුට වඩා එක්දින තරගයකදී ලකුණු වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ රෝහිත් ෂර්මා, නවසීලන්තයේ මර්ටින් ගප්ටිල්, ඉන්දියාවේ විරේන්ද ෂෙවාග් හා කොදෙව් දූපත්හි ක්‍රිස් ගේල් යන පිතිකරුවන්.

එමෙන්ම ෆකාර් සමාන් හා ඉෂාන් කිෂන් යන පිතිකරුවන් ද මීට පෙර ලකුණු 210 බැගින් ලබා තිබුණා.

වයස අවුරුදු 25, දින 267

එක්දින තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ තෙවැනි ලාබාලතම (වයසින් අඩුම) පිතිකරු ලෙස ද පැතුම් වාර්තා අතරට එක් වුණා.

ඔහු ඊයේ ද්විත්ව ශතකය වාර්තා කරන විට ඔහුගේ වයස අවුරුදු 25 යි දින 267 ක්.

එක්දින තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ ලාබාලතම පිතිකරු වන්නේ ඉන්දියාවේ ෂුබ්මන් ගිල්. ඔහු වයස අවුරුදු 23 යි දින 132 ක් සපිරිනු දිනයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කළා.

පන්දු 136

පැතුම් නිස්සංකට මෙම තරගයේ දී සිය ද්විත්ව ශතකය වාර්තා කිරීම සදහා වැය වූයේ පන්දු 136 ක් පමණයි.

එය එක්දින තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ තෙවැනි වේගවත්ම ද්විත්ව ශතකය ලෙසයි වාර්තා අතරට එක් වුණේ.

එක්දින තරගයකදී වේගවත්ම ද්විත්ව ශතකය වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ ඉෂාන් කිෂන්.

 

ලැබුණු සුබ පැතුම් හා පැතුම් දැක් වූ ප්‍රතිචාරය

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...