U19 CWC : පාකිස්තානයට වේදනාත්මක පරාජයක් – ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයට

Date:

දකුණු අප්‍රිකා‍වේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම අද(8) සමත් වුණා.

ඒ, තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් පාකිස්තානය පරදා එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කරමින්.

Benoni හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 48.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 179 ක් පමණයි.

Azan Awais හා Arafat Minhas ලකුණු 52 බැගින් රැස් කළා. පන්දු යැවීමේ දී Tom Straker ලකුණු 24 කට කඩුලු හයක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 49.1 ක් අවසානයේ කඩුලු 9ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

9 වැනි කඩුල්ල ලකුණු 164 දී බිද වැටුණු පසුබිමකයි Raf MacMillan හා Callum Vidler අවසන් කඩුල්ලට ලකුණු 17* (19)ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියේ.

Harry Dixon ලකුණු 50 ක් හා Oliver Peake ලකුණු 49 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී Ali Raza ලකුණූ 34 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

ඒ අනුව එළඹෙන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉන්දියාවට එරෙහිව තරග වැදීමට නියමිතයි.

2023 ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට මෙන්ම 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ද ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලැබූ පසුබිමකයි මෙවර යොවුන් ලෝක කුසලානයේ ද අවසන් තරගයට එම රටවල් දෙක මෙලෙස සුදුසුකම් ලබා ගත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...