Watch : SA20 පිටිය කැළඹූ මාක්‍රම්ගේ ඇදහිය නොහැකි සුපිරි උඩ පන්දුව

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 තරගාවලියේ අවසන් වටයේ පළමු තරගයේ (Qualifier 1) දී සුපිරි උඩ පන්දුවක් රැක ගැනීමට Sunrisers Eastern Cape කණ්ඩායමේ නායක ඒඩ්න් මාක්‍රම් සමත් වුණා.

මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ Durban’s Super Giants කණ්ඩායමයි. තරගයෙන් සන්රයිසස් කණ්ඩායම ලකුණු 51 ක ජයක් හිමි කර ගත්තා.

කේප් ටවුන් හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 157 ක් ලබා ගත්තේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඩර්බන් කණ්ඩායමට ලකුණු 158 ක ඉලක්කයක් හිමි කර දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩර්බන් කණ්ඩායමට පන්දුවාර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 106 ක් පමණයි.

ඩර්බන් ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස ජේ ජේ ස්මට්ස් දවා ගැනීම සදහායි ඒඩ්න් මාක්‍රම් mid-on කලාපයේ සිට එක් අතකින් විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගත්තේ. (දර්ශන පහතින්) දැවී යන විට ස්මට්ස් කිසිදු ලකුණක් ලබා සිටියේ නැහැ.

තරගාවලියේ අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් Eliminator තරගය අද (7) පැවැත්වීමට නියමිතයි.

එහිදී Paarl Royals කණ්ඩායම හා Joburg Super Kings කණ්ඩායම තරග වැදීමට නියමිත අතර, තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 9ට ජොහැනස්බර්ග් හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...