ඉන්දියාව හා සිම්බාබ්වේ අතර 20යි 20 තරග 5 ක් – කාලසටහන මෙන්න

Date:

ඉන්දියාව සමග පන්දුවාර 20යි 20 තරග 5කින් යුත් තරගාවලියක් සදහා ජූලි මාසයේ දී සත්කාරකත්වය දරන බව සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලානය නිමා වී සතියකින් පමණ මෙම තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.

සියලු 20යි 20 තරග හරාරේ හී දී ජූලි 6 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

20යි 20 තරග පහෙන් තරග හතරක්ම දිවා තරග වන අතර, එම තරග එරට වේලාවෙන් පස්වරු 1ට ආරම්භ කිරීමට නියමිත බව සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය සදහන් කළා.

තෙවැනි 20යි 20 තරගය පමණක් රාත්‍රී තරගයක් ලෙස පස්වරු හයට ආරම්භ කෙරෙනවා.

ඉන්දියාව අවසන් වරට සිම්බාබ්වේ හි තරග සංචාරයක නිරත වූයේ එක්දින තරග 3ක් ක්‍රීඩා කිරීම සදහා 2022 වසරේ අගෝස්තු මාසයේ දී යි.

දෙරට අතර මේ දක්වා 20යි 20 තරග අටක් පවත්වා ඇති අතර, ඉන් තරග හයක් ජය ගෙන ඇත්තේ ඉන්දියාවයි.

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියට රටවල් 20ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති පසුබිමක වුව ද සිම්බාබ්වේ කණ්ඩායමට එම ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

ඉන්දු – සිම්බාබ්වේ 20යි 20 තරග කාලසටහන –

  • July 6: 1st T20I
  • July 7: 2nd T20I
  • July 10: 3rd T20I
  • July 13: 4th T20I
  • July 14: 5th T20I

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...