කොදෙව්වන් 86 ට දැවී යයි – පන්දු 259 ක් ඉතිරිව තිබියදී ඔස්ට්‍රේලියාව තරගය ජය ගනියි

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(6) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු අටක වාර්තාගත ජයක් ලැබීමත් සමගයි.

කැන්බරා හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් පන්දුවාර 24.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 86 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 6.5 ක් පමණක් වැය කරමින් කඩුලු දෙකක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මෙම තරගයේ දී ක්‍රියාත්මක වූයේ පන්දුවාර 31 ක් පමණයි. එය ඔස්ට්‍රේලියාවේ පැවැති කෙටිම පිරිමි එක්දින ජාත්‍යන්තර තරගය ලෙසයි ඉතිහාසගත වුණේ.

පන්දු 259 ක් ඉතිරිව තිබියදී ඔස්ට්‍රේලියාව ජය තහවුරු කර ගැනීම ද වාර්තා අතරට එක් වුණා. ඒ, ඔස්ට්‍රේලියාව වැඩිම පන්දු සංඛ්‍යාවක් ඉතිරිව තිබියදී ජය තහවුරු කර ගත් එක්දින තරගය ලෙසයි.

මෙම තරගයේ දී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමේ දී Xavier Bartlett ලකුණු 21 කට කඩුලු 4ක් දවා ගත් අතර, පිතිකරණයේ දී Jake Fraser-McGurk පන්දු 18 කින් ලකුණු 41 ක් හා Josh Inglis පන්දු 16 කින් නොදැවී ලකුණු 35 ක් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...