Watch : ධනංජය ද සිල්වා තනි අතින් රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වන අද (5) දිනයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනිමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සමත් වුණා.

ස්ලිප් කලාපයේ සිට එක් අතකින් ඔහු මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ ඇෆ්ඝනිස්තාන දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි කායිස් අහ්මඩ් දවා ගැනීම සදහායි.

ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ ඔහු දැවී යන විට ලබා සිටියේ එක් ලකුණක් පමණයි.

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඇෆ්ඝනිස්තානය කඩුලු 7 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 251 ක්.

දිනය ආරම්භ කරන විට ඇෆ්ඝනිස්තානය කඩුල්ලක් පමණක් දැවී ලකුණු 199 ක් ලබා සිටි අතර, ඒ අනුව ඔවුන්ගේ කඩුලු 6ක් අද පෙරවරු සැසියේ දී ලකුණු 52 කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වීම කැපී පෙනුණා.

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ඇෆ්ඝනිස්තානය දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවූයේ ලකුණු 10 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...