එංගලන්තය ජයග්‍රහනයට තවත් ලකුණු 332 ක් පිටුපසින්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(4) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු ඉන්දියාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 399 ක ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්තය කඩුල්ලක් දැවී ලකුණු 67 ක් ලබා සිටියා.

සැක් ක්‍රව්ලි නොදැවී ලකුණු 29 ක් හා රෙහාන් අහ්මඩ් නොදැවී ලකුණු 9ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. පළමු කඩුල්ල සදහා ලකුණු 50 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ක්‍රව්ලි හා බෙන් ඩකට් සමත් වූ අතර, ඩකට් ලකුණු 28(පන්දු 27) ක් රැස් කර සිටියදී රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

එංගලන්තය තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 332 ක් ලබා ගත යුතු අතර, ඉන්දියාව තරගය ජය ගනිමින් තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමටනම් තවත් කඩුලු 9ක් දවා ගත යුතුයි.

විසාකාපට්නම් හී දී පැවැත්වෙන තරගය අද දිනය සදහා ආරම්භ කරන විට ඉන්දියාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 28 ක් ලබා සිටි අතර, ඔවුන්ගේ සියලු දෙනා ලකුණු 255 කට දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

ඉනිම ආරම්භයේ දී ආසන්න දැවී යාමේ අවස්ථා කිහිපයකින්ම සිය කඩුල්ල ආරක්ෂා කර ගැනීමට සමත් වූ ෂුබ්මන් ගිල් සිය 3 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 104 ක් රැස් කළා. පන්දු 147 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 11 ක් ඇතුළත්.

අක්සාර් පටෙල් ලකුණු 45 ක් ලබා ගත් අතර, ෂ්රෙයස් අයියර් හා රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 29 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ටොම් හාර්ට්ලි ලකුණු 77 කට කඩුලු 4 ක් දවා ගත්තා. රෙහාන් අහ්මඩ් කඩුලු 3ක් බිද හෙලුවේ ලකුණු 88 ක් ලබා දෙමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 396 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස එංගලන්තය ලබා ගත්තේ ලකුණු 253 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...