U19 CWC : සුපිරි 6 වටයේ අවසන් ප්‍රසාද ලකුණු සටහන හා අවසන් පූර්ව වටයේ කාලසටහන මෙන්න

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ හා සුපිරි හය වටයේ තරග මේ වන විට අවසන්ව තිබෙනවා.

ඒ අනුව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණේ දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා පාකිස්තානයයි.

ඊයේ(3) පැවැති මූලික වටයේ 36 වැනි තරගයෙන් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පරදා ලකුණු පහක තියුණු ජයක් වාර්තා කරමිනුයි පාකිස්තාන යොවුන් පිල අවසන් පූර්ව වටයේ ස්ථානයක් තහවුරු කර ගත්තේ.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 40.4 ක් අවසානයේ දී සියලු දෙනා දැවී ලකුණු 155 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 35.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 150 ක් පමණයි.

ඒ අනුව අවසන් පූර්ව වටයේ තරග එළඹෙන 6 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පළමු අවසන් පූර්ව තරගය එදින පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතරයි. දෙවැනි අවසන් පූර්ව තරගය එළඹෙන 8 වැනිදා ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතයි.

අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ එළඹෙන 11 වැනිදායි.

සුපිරි හය වටයේ ප්‍රසාද ලකුණු සටහන –

ICC
ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...