Watch : පන්දුවක් රැක ගැනීමට ගොස් ප්‍රේක්ෂකයෙකු මුහුණ දුන් අනතුර

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී පන්දුවක් රැක ගැනීමට ගොස් තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයෙකු අනතුරකට මුහුණ දුන්නා.

සිඩ්නි හී දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 9ක් දැවී ලකුණු 258 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Gudakesh Motie ලකුණු 28 කට කඩුලු තුනක් දවා ගත්තා.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ශෝන් ඇබෝට්. ඔහු ලකුණු 69 ක් ලබා ගත්තේ පන්දු 63 කින්. හයේ පහර 4ක් හා හතරේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඔහු එල්ල කළ එක් හයේ පහරක් ප්‍රේක්ෂකාගාරය වෙත ඇදී ආ අවස්ථාවේ දී එය රැක ගැනීමට ගත් උත්සාහයකදීයි පන්දුව මුහුණේ වැදීමෙන් ප්‍රේක්ෂකයෙකු අදාළ අනතුරට මුහුණ දුන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...