මැතිව්ස්-චන්දිමාල් වාර්තාගත සම්බන්ධතාවය හමුවේ තරගයේ පාලනය ශ්‍රී ලංකාවට

Date:

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්ථානය අතර කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(3) නිමා වුණේ ඇන්ජෙලෝ මැතිව්ස්ගේ හා දිනේෂ් චන්දිමාල්ගේ විශිෂ්ඨ ශතක හමුවේ තරගයේ සම්පූර්ණ පාලනය ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු හයක් දැවී ලකුණු 410 ක් ලබා සිටියා. ඒ, කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය ලබා ගත් ලකුණු 198 ට පිළිතුරු වශයෙන්.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 212 ක්.

අද දිනයට තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 80 ක් ලබා සිටි අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස නිශාන් මදුෂංක ලකුණු 37 කට දැවී ගියා. කුසල් මෙන්ඩිස් රැස් කළේ ලකුණු 10 ක් පමණයි. දිමුත් කරුණාරත්න ලකුණු 77 ක් ලබා සිටියදී දැවී ගියා.

අනතුරු සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 232 (381) ක වාර්තාගත සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ඇන්ජෙලෝ මැතිව්ස් සමගින් පිටියේ එක් වූ දිනේෂ් චන්දිමාල් සමත් වුණා. එය එස් එස් සී ක්‍රීඩාංගනයේ දී සිව්වැනි කඩුල්ල සදහා පිතිකරුවන් දෙදෙනකු අතර ටෙස්ට් තරගයකදී වාර්තා වූ හොදම ලකුණු සම්බන්ධතාවයයි.

මැතිව්ස් අද වාර්තා කළේ සිය 16 වැනි ටෙස්ට් ශතකයයි. ඔහු පන්දු 259 කින් ලකුණු 141 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියේ හිට් විකට් දැවී යාමකට හසු වීම හේතුවෙන්. (දර්ශන පහතින්) හයේ පහර තුනක් හා හතරේ පහර 14 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.

සිය 15 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ චන්දිමාල් ලකුණු 107 කට දැවී ගියා. පන්දු 181 කින් වාර්තා වූ ඔහුගේ ඉනිම හයේ පහරකින් හා හතරේ පහර 10 කින් වර්ණවත් වුණා.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් වීමෙන් පසුව තමන් ක්‍රීඩා කළ පළමු ඉනිමේ පළමු පන්දුවෙන්ම දුවද්දී දැවී යාමකට හසු වීමට ධනංජය ද සිල්වාට සිදු වීම ද කැපී පෙනුණා. සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 21 යි.

පන්දු යැවීමේ දී නවීඩ් සඩ්‍රාන් හා කායිස් අහ්මඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...