Xavier ට විවේකයක් – ට්‍රැවිස් හෙඩ් නිදහස් කෙරේ

Date:

ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක Xavier Bartlett බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් විවේක ගන්වා තිබෙනවා.

ඒ, මෙල්බර්න් හී දී පැවැති පළමු එක්දින තරගයේ දී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගනිමින් ඔහු සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ පසුබිමකයි.

දෙවැනි තරගයෙන් ඔහුව විවේක ගැන් වූ නමුත්, කැන්බරා හී දී පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගය සදහා Xavier Bartlett ක්‍රීඩා කිරීමට නියමිතයි.

සිඩ්නි හී දී පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින තරගය සදහා ජොෂ් හේසල්වුඩ් ඇතුළත් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

මේ අතර, ට්‍රැවිස් හෙඩ් ඉතිරි එක්දින හා 20යි 20 තරගවලින් නිදහස් කිරීමට ද තීරණය කර ඇති බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කර නොමැති අතර, ඒ අනුව Jake Fraser-McGurk ට දෙවැනි එක්දින තරගයේ දී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට හැකි වනු ඇති.

පළමු එක්දින තරගයේ දී හෙඩ් ලකුණු 4කට දැවී ගිය අතර, දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී ඔහු ඉනිම් දෙකේ දී ම ලකුණු නොලබා දැවී ගියා.

මේ අතර, වමත් වේග පන්දු යවන ක්‍රීඩක ස්පෙන්සර් ජොන්සන් තෙවැනි එක්දින තරගය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...