තුන්කොන් තරගාවලියේ ජය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට

Date:

බංග්ලාදේශයේ පැවැති වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම අද(2) සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී සත්කාරක බංග්ලාදේශ යොවුන් කාන්තා කණ්ඩායම පරදා ලකුණු 36 ක ජයක් වාර්තා කරමින්.

Cox’s Bazar හි Sheikh Kamal ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු තුනක් දැවී ලකුණු 148 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 112 ක් පමණයි.

අවසන් තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් ලකුණු 66 ක් වාර්තා කිරීමට නෙත්මි සේනාරත්න සමත් වූ අතර, දෙව්මි විජේරත්න ලකුණු 49 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙව්මි විජේරත්න ලකුණු 13 කට කඩුලු 3ක් දවා ගත් අතර, රිස්මි සංජනා හා යසන්ති හේරත් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මෙම තුන්කොන් 20යි 20 තරගාවලිය සදහා ක්‍රීඩා කළ අනෙක් කණ්ඩායම වූයේ පාකිස්තාන යොවුන් කාන්තා කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...