Watch : තරගයේ දෙවැනි පන්දුවෙන්ම අසිත දවා ගත් සුපිරි කඩුල්ල

Date:

ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු පන්දුවාරයේ දෙවැනි පන්දුවෙන්ම විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් කඩුල්ලක් දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු අද(2) සමත් වුණා.

කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ දී අද ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සමත් වූ අතර, පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඔහු ඇෆ්ඝනිස්තානයට ලබා දුන්නා.

ඇෆ්ඝනිස්තාන ඉනිම ආරම්භ කළේ ඊබ්‍රහීම් සඩ්‍රාන් සමගින් නූර් අලී සඩ්‍රාන්.

පළමු පන්දුවාරය අසිත විසින් යොමු කළ අතර, දෙවැනි පන්දුවේ දී ඔහුගේ පන්දුවක් හමුවේ ඊබ්‍රහීම් ලකුණු නොලබා දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින්. (දර්ශන පහතින්)

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් චාමික ගුණසේකර ටෙස්ට් වරම් දිනා ගැනීම ද විශේෂත්වයක්.

ඇෆ්ඝනිස්තානය ‍වෙනුවෙන් මෙම තරගයේ දී ක්‍රීඩකයින් සිව් දෙනෙකු ටෙස්ට් වරම් දිනා ගැනීම කැපී පෙනෙනවා.

ඒ අනුව Noor Ali Zadran, Zia Ur Rehman Akbar, Mohammad Saleem හා Naveed Zadran අද දිනයේ දී ටෙස්ට් වරම් දිනා ගත්තා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...